දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසයක්
ඇපො-ලාපී යනු චීනයේ යුනාන් ප්‍රාන්තයේ කඳුවල ජීවත් වන ගෝත්‍රයක වැඩිමහල්ලෙකි. ළඟදී ඔහු මුණගැසීමට අප ගිය විට අධික වර්ෂාව නිසා සති මැද බයිබල් අධ්‍යයනයට සහභාගි නොවූ බව ඔහු පැවසීය. එහෙයින් "මට දේව වචනය කියා දෙනවාදැයි" ඔහු අපගෙන් ඇසුවේය.
ඇපෝ-ලාපී හට කියවිය නොහැක. එහෙයින් සතියේ බයිබල් අධ්‍යයන සඳහා එකතුවීම ඔහුට ඉතා වැදගත්ය. අප බයිබලය කියවන විට ඔහු උනන්දුවෙන් ඇහුම්කන් දුන්නේය. ඔහුගේ ආකල්පය…
නත්තලේ ක්‍රිස්තුස්වහන්සේ
අනුග්රහයේ ත්‍යාගය: පුද්ගලික සම්බන්ධතාවයක්
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. යොහන් 3 : 16
සිංගප්පූරුවේ නත්තල් තෙත භරිතය. හිම…
සෞම්‍ය ආලෝකයන්
ෂාවෝ යින්ග්, චීනයේ යුනාන් ප්‍රාන්තයේ දුෂ්කර ගමක ජීවත්වේ. සෞඛ්‍ය ගැටළු නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කුඹුරු වැඩ කිරීමට නොහැකි විය. එහෙයින් ඔවුන්ගේ පවුලේ ආර්ථික ගැටළු ඇති විය. ඇයගේ නැන්දම්මා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ලට බාධා පමුණුවයි. නැන්දම්මා ෂාවෝ යින්ග්ට පළමු ආගමට යන්නැයි කරදර කළාය.
එහෙත් ෂාවෝ යින්ග්ගේ ස්වාමිපුරුෂයා ඇයගේ ජීවිත වෙනස්වීම දැක ඇති නිසා ඔහු "ෂාවෝ යින්ග් විතරක් දෙවියන්වහන්සේ විශ්වාස කරලා මදි!…
මාගේ කණස්සල්ල නොවේ
මිනිසෙකු සෑම දෙයක් ගැනම නොකඩවා කරදර විය. දිනක් ඔහු උරුවම් බාමින් නිදහසේ සිටිනවා ඔහුගේ මිතුරෝ දුටුවෝය. "මොකද වුනේ?" ඔහුගේ මිතුරෝ පුදුමයෙන් ඇසුවෝය. "මාගේ ප්‍රශ්න ගැන කණස්සලු වීමට මම මිනිසෙකුට ගෙවනවා" ඔහු කීවේය. "කීයක්ද එයාට ගෙවන්නේ?" "සතියකට ඩොලර් දෙදහසක්" ඔහු උත්තර දුන්නේය. "ෂහ්! ඔයාට කොහෙන්ද එච්චර සල්ලි?" "මංගාව නැහැ! එ්ත් ඒකත් එයාගේ ප්‍රශ්නයක්."
පීඩන නවත්වන මෙම හාස්‍යජනක ක්‍රමය සැබෑ ජීවිතයේ හරියන්නේ…
හාස්කම් වර්ෂාව
චීනයේ යූනාන් ප්‍රාන්තයේ කඳුවල සිටින ගැමියන්ගේ ජීවිත දුෂ්කරය. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බඩ ඉරිඟු සහ බත්ය. 2012 මැයි මාසයේ දැඩි නියඟයක් නිසා බෝග වියළී ගියේය. සියල්ලෝ කණස්සල්ලට පත්වූහ. බොහෝ භූත නමස්කාර සිදුකර සෙනඟ නියඟය නතර කිරීමට උත්සාහ කළෝය. කිසිවක් සිදු නොවූ විට, මුතුන් මිත්තන්ගේ ආත්ම කෝපකළේ යයි ගමේ සිටි කිතුනුවන් පස්දෙනාට ගම්මු දොස් කීවෝය.
මෙම කිතුනුවෝ යාච්ඤාවට එකතුවූහ. වැඩි වේලාවක් යාමට…
දෙවියන්වහන්සේ සලකන්නේ නැද්ද?
බීමත් රියදුරා කිසිදු හානියක් නොමැතිව බේරී යන අතර හොඳ සිහියෙන් සිටි පුද්ගලයා ඔහු නිසා අනතුරට ලක්ව බොහෝ තුවාල ලබන්නේ ඇයි? යහපත් පුද්ගලයන් දුක්විඳින විට අයහපත් පුද්ගලයන් සමෘද්ධිමත් වන්නේ ඇයි? ඔබගේ ජීවිතයේ කාරණා වලින් ඔබ ව්‍යාකූලවී "දෙවියන්වහන්සේ නොබලන්නේ ඇයි?" කියා කීවරක් මොරගසා තිබේද?
හබක්කුක් එම ප්රශ්නයෙන්ම පීඩා වින්දේය. එ් ඔහු යුදාහි නපුර සහ අසාධාරණය ඉහවහා ගොස් තිබූ පීඩාකාරී තත්ත්වයන් දුටු විටය…
ජන බලය
ඕස්ටේ්රලියාවේ පර්ත්හි දුම්රිකට නැගීමට උත්සාහ කළ මිනිසෙකු ලිස්සා ගොස් වේදිකාව සහ දුම්රිය අතර ඇති හිඩසේ ඔහුගේ පාද සිරවිණ. මගීන් දුසිම් ගණනක් ඔහුගේ උපකාරයට ආවේය. ඔවුන් තම ශක්තිය පමණක් යොදාගෙන දුම්රිය ඇළකළෝය. සිරවී සිටි මිනිසා නිදහස් විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක වන ඩේවිඩ් හයිනස් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ "සැම කෙනාම එකතු වුනා. බරපතල අනතුරකින් කෙනෙකුගේ ජීවිතය බේරුනේ ජන බලය නිසා" කියාය.
උන්වහන්සේගේ…
නැවත නම් එපා!
මාගේ ජංගම දුරකථනයේ විද්‍යුත් පණිවුඩය කියවමින් සිටියදී මාගේ ශරීර උෂ්ණත්වය වැඩිවීමට පටන්ගත්තේය. මාගේ ලේ දැවෙන්නට විය. සිත කැඩෙන පණිවුඩයක් යැවීමට ඔන්න මෙන්න කියා තිබිණ. එවිට අභ්‍යන්තර හඬක් මට කීවේ නිශ්චලවී පසු දින පිළිතුරු දීමටය. හොඳ නින්දකින් පසු පසුදින උදෑසන මා කලබලයට පත් කළ විශාල කාරණාව ඉතා සුළුයැයි මට හැඟින. මම එය ප්‍රමාණයට වඩා විශාල කරගෙන තිබිණ. ඊට හේතුව අන් කෙනෙකුගේ…
සාමාන්‍ය මිනිස්සු
ගිඩියොන් සාමාන්‍ය පුද්ගලයෙකි. විනිශ්චයකාරයා 6හි සඳහන් ඔහුගේ කථාව මාගේ සිත් ගනී. ඔහු බිය ගුලුගොවියෙකු විය. මිදියන්වරුන්ගෙන් ඉශ්රායෙලය ගැළවීමට ගිඩියොන්ව කැඳවූ වෙලේ ඔහුගේ ප්‍රථම ප්‍රතිචාරය වූයේ "කුමකින් මා ඉශ්රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සෙහි ඉතා දිළිඳු පවුලය. මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමි" යන්නය (විනිශ්චයකාරයා 6:15). තමන්වහන්සේ ගිඩියොන් සමඟ සිටින බවත් ඔහුට කිරීමට කියා ඇතිදේ ඉෂ්ඨ කිරීමට ඔහුට…
මාගේ පියාණෝ මා සමඟය
පාළුවෙන් පොරබදන මිතුරියක් තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කළාය: "යහළුවන් නොමැති නිසා මට තනිකමක් දැනෙනවා නොවේ. මට යහළුවෝ බොහෝ සිටිති. මා වැළඳගෙන දිරිගන්වා කථාකර මා ගැන සලකා මා ගැන කල්පනා කිරීමට හැකි අය සිටින බව මම දනිමි. එහෙත් ඔවුන් කිසිවෙකුට මා සමඟ සදාකාලයට සැම මොහොතේම සිටිය නොහැක".
එවැනි පාළුව යේසුස්වහන්සේ තේරුම් ගත්සේක. උන්වහන්සේගේ භෞමික සේවා කාලයේ උන්වහන්සේ ලාදුරු රෝගීන්ගේ ඇස්වල…